Friday, January 22, 2016

ෆ්‍රිජ් එක

ඔන්න දන්නෙ නැති නම්බර් එකකට ගන්නවා කෝල් එකක්.
"හෙලෝ කවුද මේ?" smile emoticon
"ආ නෝනා.. ගෙදර ෆ්‍රිජ් එකක් තියෙනවද?"
"ඔව් තියෙනවා" smile emoticon
"ආ ඒනම් පරිස්සම් කරලා තියාගන්න"
ටීක් ටීක් ටීක්...
(ටිකකින් ආයෙත් ගන්නවා)
"හෙලෝ නෝනා."
"ඔව් කවුද මේ කතා කරන්නෙ?" upset emoticon
"ආ නෝනා ගෙදර ෆ්‍රිජ් එකක් තියෙනවද?"
"ඔව් තියෙනවා. ඇයි මොකද?" upset emoticon
"ආ ඒනම් පරිස්සම් කරලා තියාගන්න ඈ.."
ටීක් ටීක් ටීක්.....
(ටිකකින් ආයෙත් ගන්නවා)
"හෙලෝ කවුද කියනවද මේ? ඇයි ගත්තෙ?" grumpy emoticon
"ආ මේහ් නෝනා ගෙදර ෆ්‍රිජ් එකක් තියෙනවද කියලා අහන්න ගත්තෙ."
"නෑ ගෙදර ෆ්‍රිජ් එකක් නෑ ඇයි?" grumpy emoticon
"ඒක තමයි යකෝ පරිස්සම් කරලා තියාගන්ඩ කිව්වෙ."
ටීක් ටීක් ටීක්.....

Friday, December 19, 2014

සිරි ලංකාව සහ google හි sex

ලංකාව පිටපිටම හතරවෙමි වතාවටත් sex කියන වචනය google හි වැඩිම වාරගනනක් සෙවීම් කරපු රට වෙලානෙ ... වෙලා තියෙන්නෙ මේකයි .. ලංකාවෙ ඕන තැනකින් අද ඉන්ටර්නෙට් යන්න පුලුවන් චයිනීස් කටු ෆෝන් එකක් හොයගන්න පුලුවන් ඉතින් ඕක බයියෙක් වූ අසහන කාරයෙක්ට හම්බුනාම කරන්න තමන් දන්න එකම ඉංග්‍රීසි කුනුහරුපෙ දාල google එකේ සර්ච් කරන එක .. ඉතින් ඒ වගේ ගොබිලො ඉන්නකල් මන් හිත්න්නෙ නෑ ලංකාවෙන් ඔය රෙකෝඩ් එක මගහැරෙයි කියක.. 
දැන් අපේ එවුන්ට තියෙන ප්‍රශනෙ" යකොව් ඔච්චර පොර්න් ස්ටාර්ස්ල ඉන්න අමෙරිකාවට මොකෝ වුනේ..?? "
උන් අපේ ගොන් ගොබිලො වගේ sex කියල අමු සර්ච් දාන එවුන් නෙවේ.. උන්ට එක්කො ලොකු පොර්න් සයිට් දෙක තුනක එකවුන්ට් තියෙනව නැත්තන් කෙලින්ම url එක ටයිප් කරා පේජ් එකට ගියා... ඒකයි වෙන්නෙ .. මං කියන්නෙ , මේ ලැජ්ජාව ආයෙ නොවෙන්නනන් , පාසල් කාලෙදිම ඉස්කෝලෙ ලමයිට sex කියන්න වචනෙට වඩා හොද ඉංග්ලිශ් කුණුහරුපයක් කියල දෙන්න ඕනෙ .. ඒම නැත්තන් හොද පෝර්න් සයිට් ටිකක url ටිකක් ආණ්ඩුවෙන්ම පත්තරවලවත් දාල බෙදාහරින්න ඕනෙ ..
නැත්තන් ඇයි දෙයියනේ මොන ලැජ්ජාවක්ද මේක ...
අනික ඉතින් ඔය වචනෙ සර්ච් කරපු උන් දන්නව ඇතිනෙ, ඕක සර්ච් කරා කියල ආපු මගුලක් නෑ කියල..

Tuesday, August 26, 2014

සැපට නිකන් සිටීම

පෝසතෙක් තමන්ගෙ නිවසට අල්ලපු මායිමේ රැකියාවක් නැතුව ,අඹුවක්, දරුවන් නැතිව බෝම පුංචි පැල්පතකට වී නිකම්ම කාලය ගතකරන අසල්වැසියා ගැන බොහොම කලකිරීමෙන් සහ දුකෙන් සිටිය. දුප්පත් මිනිහ වැඩිපුරම කාලෙ ගෙවන්නෙ ඔහුගේ නිවස අසලින් ගලායන ඇළපාරට කකුල දමාගෙන අසලගල්තලාවේ වැතිරගෙන අහස දිහා බලාගෙනය , මොහුගැන අනුකම්පාවෙන් සිටි පොහොසතා මෙය ඉවසාගත නොහැකි තැන දිනක් ඔහුව හමුවෙන්නට ගියා.. 
පොහොසතා : ඔහේ මොනවද මෙතන කරන්නෙ ?
දුප්පතා : නිකන් ඉන්නවා.

පොහොසතා :ඇයිනිකන් කාලෙකකා ඉන්නෙ ඔබේ ජීවිතයගැන ඔබට දුකක් නැද්ද, ප්‍රයෝජනවත් වැඩක් කරානම් නරකද , මම බිලීපිත්තක් ගෙනාව ඔහේට තෑග්ගක් හැටියට.
දුප්පතා : බිලීපිත්තක් ; ඒමොකටද?

පොහොසතා : නිකන් ඉන්නෙ නැතිව මේ ඇළෙන් මාලු අල්ලන්න පුලුවන්නෙ.
දුප්පතා : අල්ලලා.

පොහොසතා : ඔබට මාලු ආහාරයට ගන්න පුලුවන්නෙ , ඒකෙන් ඔයාගෙ ආහාර අවශ්‍යතාවය සැපිරෙනව.
දුප්පතා : ඊට පස්සෙ ?

පොහොසතා :වැඩිපුර මාලු විකුණන ව්‍යාපාරයක් පටන්ගන්න පුලුවන්නෙ.
දුප්පතා : ඊටපස්සෙ ?

පොහොසතා :පස්සෙ තව සේවකයෙක් වැඩටගන්න පුලුවන් මාලු අල්ලන්න . මුලින් බයිසිකලයක් අරන් මාළු විකුණලා, පස්සෙ ලොරියක් ගන්න පුලුවන්. ඉතින් දුර පළාත් වල එහෙම ගිහිල්ල මාලු විකුණන්න පුලුවන් .
තවත් සල්ලි හම්බ කෙරුවාම මුහුදට ට්‍රොලර් දාල මාළු අල්ලලා මාළු පිට රට පටවන ව්‍යාපාරයක් පටන් ගන්න පුලුවන්නෙ.
දුප්පතා :ඉතින් ඊට පස්සෙ ?

පොහොසතා: අවුරුදු 10 ක් විතර යනකොට ඔයාගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය නිසා ඔයාගෙ ගෙදරටම සල්ලි ගලා එයි .මහන්සිවෙන්න දෙයක් නෑ.
දුප්පතා : ඊටපස්සෙ ?

පොහොසතා: ඊටපස්සෙ කාල බීල ගෙදරට වෙලා නිකන්ම ඉන්නපුලුවන් .
දුප්පතා : නිකම් ඉන්නනම් ඔච්චර නහින්න ඕනෙයැ, මම දැනුත් ඉන්නෙ නිකම්මනේ.

Monday, August 18, 2014

තීරණය ඔබ අතේ




දැඩි මීදුමක් තිබ්බ රාත්‍රියක ලොව ප්‍රබලම නාවික හමුදාවට අයත් එක් නැවක නිරීක්ෂක නැවියෙකු ඈත මුහුදේ එළියක් දැක අනතුරුදායක ලෙස තවත් යාත්‍රාවකට ලංවන බව සිතුවේය. එය නැවේ කප්පිත්තාට දැන්වීමෙන් අනතුරුව කපිතාන්වරයා රේඩියො මාර්ගයෙන් එලිය දිස්වන වස්තුව හා සම්බන්දවී පහත් සංවාදයේ නිරත විය.


~කපිතාන්- මම ඉල්ලා සිටිනවා ඝට්ටනයක් වැළැක්වීම සදහා ඔබගේ ගමන් මාර්ගය අංශක 15 කින් උතුරට වෙනස් කරනා ලෙස .


*අනෙත් පාර්ශ්වය - කරුණාකර ඔබගේ ගමන් මාර්ගය අංශක15 කින් දකුණට වෙනස් කර ඝට්ටනය වළක්වා ගන්නෙ නම් මැනවි.

~කපිතාන් - මම නිර්දේශ කරනව ඔබගේ ගමන් මග වෙනස් කරන ලෙසට .

*අනෙත් පාර්ශ්වය - බැහැ , මමනැවත ඉල්ලා සිටිනවා ඔබගේ ගමන් මාර්ගය වෙනස් කරගන්නා ලෙස.

~කපිතාන් - උඹ මාත් එක්ක සෙල්ලම් කරනවද .. මේ ලෝකයේ තිබෙන ප්‍රබලතම නාවික හමුදාවේ අත්ලාන්තික් නාවික බල ඇණියේ දෙවන විශාලතම නැව. මෙය ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නව්කාවක් . මෙම නව්කාවේ ආරක්ශාවට ප්‍රහාරක යාත්‍රා පහක් නව්කාව වටේ ගමන් කරනවා. මම නාවික හමුදාවේ ජේෂ්ඨතම අද්මිරාල් වරයෙක් . මම නැවත ඔබට නියෝග කරනවා ඔබගේ ගමන් මාර්ගය අංශක15 කින් උතුරට වෙනස් කරන ලෙස .

*අනෙත් පාර්ශ්වය - මේක ප්‍රදීපාගාරයක් ,මම ප්‍රදීපාගාරය ක්‍රියාකරවන්නා . හරවනවාද නැද්ද යන තීරනය ඔබේ අතේ.....

බයිසිකලේ කෝ ....

 මගෙත් අනිත් දේවල්වලට හොට දැමීම බොහොම ඉහලයි අහලින් පහලින් ඇහිච්ච කතාවක් මේ

ස්ටෑන්ඩ් එක ගාව මනුස්සයෙක් කෑගානව මේම " කවුරු හරි කමක්නෑ ගත්ත එකෙක් දීපියව් , ඇයි යකෝව් මම කඩේය ගියපු ටිකට කව්ද යකෝ මගේ බයිසිකලය උස්සන් ගියපු එකා . මොකා උනත් ගෙනත් දීපියව් ... ගිය මාසෙ පිටකොටුවේදි වෙච්ච වැඩේ එහෙම වෙන්න තියන්න එපා .. 
කාගෙ වුනත් හොදට කියන්නෙ මොකාහරි දැක්කනම් මගේ බයිසිකලේ ගත්තෙ මොකාද කියල මටකියපියව් , නැත්තන් ගෙනත් දීපියවු... නැත්තන් ගියමාසෙ පිටකොටුවෙ වෙච්ව්හ සිද්දිය ආයෙ වෙයි" ... මූ ආයෙම ඒම කියනව ... මට මාර අවුල මම ලංවෙලා මේම ඇහුව..

: ඇයි අයියෙ , පිටකොටුවේදි මොකෝ වුනේ?..
: නෑ මල්ලී, එහෙදි නැති වෙච්ච බයිසිකලෙත් හම්බවුනේ නෑනෙ ........ 

පොඩි පිරුළක් ඔන්න :)

ආශ්චර්යේ නූතන ප්‍රස්තාපිරුල....
චීනෙන් ණයට අරන් පලස්තීනෙට පිනට දුන්න වාගේ...

Wednesday, July 2, 2014

මගේ හීන ..


කාමරේට වෙලා පොතක් බල බල හිටිය , සුදුපාට හයිඒස් එකක් ගෙදර ඉස්සරහින් ගියා. ටිකක් වෙලා යනකොට අල්ලපු ගෙදර හෙන සද්දෙ මොකෝ කියල බලන්න ඒපැත්තට යනකොටයි අම්ම කිව්වෙ , ඒ අක්ක බදින්න ඉන්න අයිය අමෙරිකාවේ එදන් ඇවිල්ල කියල , දැම්ම යන එක හරි නෑනෙ කියල , මම හවස් වෙලා ගියා ., යනකොට කස්ටිය සාලෙ බර සාකච්චාව .
මාව දැක්ක විතරයි අයිය " ආ සුදු මල්ලි අප්පෙ බං දැක්ක කල්.. ( ගොඩක් එව්ව කතාකලා හලිද , ඇමලිකාවෙ කෙල්ලො කොටටද අදින්නෙත් කියලත් ඇහුව) ඉන්නකෝ කියල පොර බෑග් එක ඇදල මගේ අතට දුන්න කියපන්කො apple macbook pro එකක් ,මම උඩගියා වගේ . (මම එයාට කියල තිබ්බෙ mac එකක් ගැන ) මට හිතාගන්නවත් බැරිව ඉන්නකොට අයිය කියනව ,"අපිට එහෙම අමතක වෙනවද මල්ලි "කියල . දුන්න ගමන් ගාන අහන එකත් හරිනැත් හින්ද මම යන්න ලෑස්ති වෙලාම ඇහුව , පොර ගත්කටටන කියපි ." පිස්සුද මල්ලි මගෙන් පොඩි ප්‍රෙසෙන්ට් එකක් සල්ලි මොකඩටද " කියක , මට ඒක අහල පිස්සු තව වැඩි වුනා . 
මම සතුට ඉහවහා ගිහිල්ල අයියව ඉබින්න ලෑස්ති වුනා විතරයි .. අම්ම කියනව " මොකද යකොව් හීනෙන් කියවනේ "

Tuesday, July 1, 2014

පලමු දිගහැරුම

කාලයක් තිස්සෙ තිබ්බ ආසාවක් . හිතේ තියෙන කෙහෙල්මල් ඔක්කොම අතහැරල දාන්න තැනක් වගේම සමාජයේ වෙන දේවල් ගැන වගේම එක එක ගැජට් ගැන , ඒකිව්වෙ තාක්ෂණික කරුණු ගැනත් මෙතන අතහැරල දාන්න බලාපොරොත්තු වෙනවා..   සාමාන්‍යයෙන් මගෙ පුරුද්දක් තිඋඑනව දෙයක් පටන්ගත්ත ට්ගැනම අතහැරල දාන පුරුද්දක් , මේකවත් එහෙම නොවී කරන්න බලමු ,  හමුවෙමු..
  පසුවට .
+Asith wijenayake