Wednesday, July 2, 2014

මගේ හීන ..


කාමරේට වෙලා පොතක් බල බල හිටිය , සුදුපාට හයිඒස් එකක් ගෙදර ඉස්සරහින් ගියා. ටිකක් වෙලා යනකොට අල්ලපු ගෙදර හෙන සද්දෙ මොකෝ කියල බලන්න ඒපැත්තට යනකොටයි අම්ම කිව්වෙ , ඒ අක්ක බදින්න ඉන්න අයිය අමෙරිකාවේ එදන් ඇවිල්ල කියල , දැම්ම යන එක හරි නෑනෙ කියල , මම හවස් වෙලා ගියා ., යනකොට කස්ටිය සාලෙ බර සාකච්චාව .
මාව දැක්ක විතරයි අයිය " ආ සුදු මල්ලි අප්පෙ බං දැක්ක කල්.. ( ගොඩක් එව්ව කතාකලා හලිද , ඇමලිකාවෙ කෙල්ලො කොටටද අදින්නෙත් කියලත් ඇහුව) ඉන්නකෝ කියල පොර බෑග් එක ඇදල මගේ අතට දුන්න කියපන්කො apple macbook pro එකක් ,මම උඩගියා වගේ . (මම එයාට කියල තිබ්බෙ mac එකක් ගැන ) මට හිතාගන්නවත් බැරිව ඉන්නකොට අයිය කියනව ,"අපිට එහෙම අමතක වෙනවද මල්ලි "කියල . දුන්න ගමන් ගාන අහන එකත් හරිනැත් හින්ද මම යන්න ලෑස්ති වෙලාම ඇහුව , පොර ගත්කටටන කියපි ." පිස්සුද මල්ලි මගෙන් පොඩි ප්‍රෙසෙන්ට් එකක් සල්ලි මොකඩටද " කියක , මට ඒක අහල පිස්සු තව වැඩි වුනා . 
මම සතුට ඉහවහා ගිහිල්ල අයියව ඉබින්න ලෑස්ති වුනා විතරයි .. අම්ම කියනව " මොකද යකොව් හීනෙන් කියවනේ "

2 comments: