Monday, August 18, 2014

තීරණය ඔබ අතේ




දැඩි මීදුමක් තිබ්බ රාත්‍රියක ලොව ප්‍රබලම නාවික හමුදාවට අයත් එක් නැවක නිරීක්ෂක නැවියෙකු ඈත මුහුදේ එළියක් දැක අනතුරුදායක ලෙස තවත් යාත්‍රාවකට ලංවන බව සිතුවේය. එය නැවේ කප්පිත්තාට දැන්වීමෙන් අනතුරුව කපිතාන්වරයා රේඩියො මාර්ගයෙන් එලිය දිස්වන වස්තුව හා සම්බන්දවී පහත් සංවාදයේ නිරත විය.


~කපිතාන්- මම ඉල්ලා සිටිනවා ඝට්ටනයක් වැළැක්වීම සදහා ඔබගේ ගමන් මාර්ගය අංශක 15 කින් උතුරට වෙනස් කරනා ලෙස .


*අනෙත් පාර්ශ්වය - කරුණාකර ඔබගේ ගමන් මාර්ගය අංශක15 කින් දකුණට වෙනස් කර ඝට්ටනය වළක්වා ගන්නෙ නම් මැනවි.

~කපිතාන් - මම නිර්දේශ කරනව ඔබගේ ගමන් මග වෙනස් කරන ලෙසට .

*අනෙත් පාර්ශ්වය - බැහැ , මමනැවත ඉල්ලා සිටිනවා ඔබගේ ගමන් මාර්ගය වෙනස් කරගන්නා ලෙස.

~කපිතාන් - උඹ මාත් එක්ක සෙල්ලම් කරනවද .. මේ ලෝකයේ තිබෙන ප්‍රබලතම නාවික හමුදාවේ අත්ලාන්තික් නාවික බල ඇණියේ දෙවන විශාලතම නැව. මෙය ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නව්කාවක් . මෙම නව්කාවේ ආරක්ශාවට ප්‍රහාරක යාත්‍රා පහක් නව්කාව වටේ ගමන් කරනවා. මම නාවික හමුදාවේ ජේෂ්ඨතම අද්මිරාල් වරයෙක් . මම නැවත ඔබට නියෝග කරනවා ඔබගේ ගමන් මාර්ගය අංශක15 කින් උතුරට වෙනස් කරන ලෙස .

*අනෙත් පාර්ශ්වය - මේක ප්‍රදීපාගාරයක් ,මම ප්‍රදීපාගාරය ක්‍රියාකරවන්නා . හරවනවාද නැද්ද යන තීරනය ඔබේ අතේ.....

4 comments:

  1. එල එල...දිගටම ලියපන්...අපිත් එන්නං ඔලුව දාල යන්න ;)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං ලොකු හයියක් :D

      Delete