Tuesday, August 26, 2014

සැපට නිකන් සිටීම

පෝසතෙක් තමන්ගෙ නිවසට අල්ලපු මායිමේ රැකියාවක් නැතුව ,අඹුවක්, දරුවන් නැතිව බෝම පුංචි පැල්පතකට වී නිකම්ම කාලය ගතකරන අසල්වැසියා ගැන බොහොම කලකිරීමෙන් සහ දුකෙන් සිටිය. දුප්පත් මිනිහ වැඩිපුරම කාලෙ ගෙවන්නෙ ඔහුගේ නිවස අසලින් ගලායන ඇළපාරට කකුල දමාගෙන අසලගල්තලාවේ වැතිරගෙන අහස දිහා බලාගෙනය , මොහුගැන අනුකම්පාවෙන් සිටි පොහොසතා මෙය ඉවසාගත නොහැකි තැන දිනක් ඔහුව හමුවෙන්නට ගියා.. 
පොහොසතා : ඔහේ මොනවද මෙතන කරන්නෙ ?
දුප්පතා : නිකන් ඉන්නවා.

පොහොසතා :ඇයිනිකන් කාලෙකකා ඉන්නෙ ඔබේ ජීවිතයගැන ඔබට දුකක් නැද්ද, ප්‍රයෝජනවත් වැඩක් කරානම් නරකද , මම බිලීපිත්තක් ගෙනාව ඔහේට තෑග්ගක් හැටියට.
දුප්පතා : බිලීපිත්තක් ; ඒමොකටද?

පොහොසතා : නිකන් ඉන්නෙ නැතිව මේ ඇළෙන් මාලු අල්ලන්න පුලුවන්නෙ.
දුප්පතා : අල්ලලා.

පොහොසතා : ඔබට මාලු ආහාරයට ගන්න පුලුවන්නෙ , ඒකෙන් ඔයාගෙ ආහාර අවශ්‍යතාවය සැපිරෙනව.
දුප්පතා : ඊට පස්සෙ ?

පොහොසතා :වැඩිපුර මාලු විකුණන ව්‍යාපාරයක් පටන්ගන්න පුලුවන්නෙ.
දුප්පතා : ඊටපස්සෙ ?

පොහොසතා :පස්සෙ තව සේවකයෙක් වැඩටගන්න පුලුවන් මාලු අල්ලන්න . මුලින් බයිසිකලයක් අරන් මාළු විකුණලා, පස්සෙ ලොරියක් ගන්න පුලුවන්. ඉතින් දුර පළාත් වල එහෙම ගිහිල්ල මාලු විකුණන්න පුලුවන් .
තවත් සල්ලි හම්බ කෙරුවාම මුහුදට ට්‍රොලර් දාල මාළු අල්ලලා මාළු පිට රට පටවන ව්‍යාපාරයක් පටන් ගන්න පුලුවන්නෙ.
දුප්පතා :ඉතින් ඊට පස්සෙ ?

පොහොසතා: අවුරුදු 10 ක් විතර යනකොට ඔයාගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය නිසා ඔයාගෙ ගෙදරටම සල්ලි ගලා එයි .මහන්සිවෙන්න දෙයක් නෑ.
දුප්පතා : ඊටපස්සෙ ?

පොහොසතා: ඊටපස්සෙ කාල බීල ගෙදරට වෙලා නිකන්ම ඉන්නපුලුවන් .
දුප්පතා : නිකම් ඉන්නනම් ඔච්චර නහින්න ඕනෙයැ, මම දැනුත් ඉන්නෙ නිකම්මනේ.

No comments:

Post a Comment