Monday, August 18, 2014

බයිසිකලේ කෝ ....

 මගෙත් අනිත් දේවල්වලට හොට දැමීම බොහොම ඉහලයි අහලින් පහලින් ඇහිච්ච කතාවක් මේ

ස්ටෑන්ඩ් එක ගාව මනුස්සයෙක් කෑගානව මේම " කවුරු හරි කමක්නෑ ගත්ත එකෙක් දීපියව් , ඇයි යකෝව් මම කඩේය ගියපු ටිකට කව්ද යකෝ මගේ බයිසිකලය උස්සන් ගියපු එකා . මොකා උනත් ගෙනත් දීපියව් ... ගිය මාසෙ පිටකොටුවේදි වෙච්ච වැඩේ එහෙම වෙන්න තියන්න එපා .. 
කාගෙ වුනත් හොදට කියන්නෙ මොකාහරි දැක්කනම් මගේ බයිසිකලේ ගත්තෙ මොකාද කියල මටකියපියව් , නැත්තන් ගෙනත් දීපියවු... නැත්තන් ගියමාසෙ පිටකොටුවෙ වෙච්ව්හ සිද්දිය ආයෙ වෙයි" ... මූ ආයෙම ඒම කියනව ... මට මාර අවුල මම ලංවෙලා මේම ඇහුව..

: ඇයි අයියෙ , පිටකොටුවේදි මොකෝ වුනේ?..
: නෑ මල්ලී, එහෙදි නැති වෙච්ච බයිසිකලෙත් හම්බවුනේ නෑනෙ ........ 

2 comments: